සෑම ජනවර්ගයකම සංස්කෘතික උරුමයන් ආරක්ෂා කරමින් බුදු සසුනේත්, සංස්කෘතියේත් ප්රගමනය උදෙසා විශාල වැඩකොටසක් ඉටු කිරීමට ඇති බව අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පවසනවා.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ දළදා සමිඳු වැඳපුදා ගැනීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව අදහස් දක්වමින්.
බුද්ධ ශාසන ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා දළදා සමිදුන් වැඳපුදා ගත්තා.
අනතුරුව ඒ මහතා මල්වතු පාර්ශ්වයේ මහානායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියන් සහ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම ස්වාමීන් වහන්සේ බැහැදුටුවා.