එළඹෙන උත්සව සමය ඉලක්ක කර ගනිමින් දිවයින පුරා විශේෂ වැටලීම් සහ විමර්ශන ආරම්භ කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා .
දැනට සිදුකරන වැටලීම් වලට අමතරව මේ සඳහා විශේෂ වැටලීම් කණ්ඩායම් පත් කර ඇති බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්රකාශ කර සිටින්නේ .
ජනවාරි මස 15 වනදා දක්වා කාල සීමාව දක්වා මෙම වැටලීම් අඛණ්ඩව සිදුකරන අතර එහිදී භාණ්ඩ හා සේවාවල මිල මිල ප්රදර්ශනය පිළිබඳ විශේෂ අවධානය යොමුකර වැටලීම් සිදුකිරීමට නිලධාරින්ට උපදෙස් ලබා දී ඇති බවයි ඔහු ප්රකාශ කළේ .
මෙයට අමතරව තොග අලෙවිසැල් සහ ගබඩා පරික්ෂා කරමින් කල් ඉකුත් වූ සහ තොරතුරු වෙනස් කරන ලද භාණ්ඩ වෙළඳපළට පැමිණීම වැළැක්වීමට කටයුතු කරන බව ඔහු සඳහන් කර සිටියා .
උත්සව සමය තුළදී පාරිභෝගිකයන්ට ඇතිවන ගැටළු සම්බන්ධයෙන් 1977 කෙටි දුරකථන අංකය ඇමතීමෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත දැනුම් දීමට හැකි බවයි පාරිභෝගික අධිකාරිය ප්රකාශ කළේ .