ශ්‍රී ලංකා කණ්ඩායම එක් අවස්ථාවක ලෝකයේ පන්දු රැකීම අතින් හොඳම ස්ථානයක සිටි අතර එම තත්ත්වයට නැවත ගෙන ඒමට කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා පවසනවා.
ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය පිළිබඳ ඊයේ(21) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුව අතරතුරේදීයි .
“ලංකාව පන්දු රැකීම අතින් හොඳම ස්ථානයක සිටි කණ්ඩායමක්. ඒ තැනට ගේන්න අපි තමයි මහන්සි වෙන්නේ. එතෙන්දී අපි ගොඩක් වැඩ කරනවා පන්දු රැකීම දියුණු කරන්න. ඒකට උපුල් චන්දන ලොකු කැපකිරීමක් කරලා තියෙනවා ක්‍රීඩකයෝ එක්ක. අනික් සහාය පුහුණුකරුවනුත් ඔහුට ඒ සහයෝගය දෙනවා. තාම මග එන ගමන් තියෙන්නේ තාම ඇවිල්ලා නෑ. මම ආස කරන තැනට තාම ඇවිල්ලා නෑ, හැබැයි එතෙන්ට අපි වැඩ කරනවා” ජයසූරිය මහතා සඳහන් කර සිටියා .