අපොස උසස්පෙළ විභාගය කල්දැමීමේ හැකියාවක් නොමැති බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.
2024 උසස්පෙල විභාගය ලබන සදුදා සිට දෙසැම්බර් 20 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
විභාගය කල්දමන ලෙස ඇතැම් පාර්ශ්ව ඉල්ලීම් කර ඇති බවයි උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.
එහෙත් මෙම විභාගය පැවැත්වෙන දින වකවානු පිළිබදව පසුගිය මාර්තු 01 වනදා මාධ්‍ය නිවේදනයක් මගින් ප්‍රසිද්ධ කර තිබුණා.
ප්‍රශ්නපත්‍ර මුද්‍රණය, විභාග මධ්‍යස්ථාන පිහිටුවීම ඇතුළු සියලු කටයුතු මේ වන විට අවසන් කර තිබෙනවා.
ඒ අනුව මෙම විභාගය කල්දැමුවහොත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙල විභාගය ඇතුළු දින නියම කර ඇති විභාග රැසකට එමගින් බලපෑම් එල්ල වන බවයි විභාග දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
ඒ අනුව 2024 අපොස උසස්පෙළ විභාගය කල් තැබීමේ හැකියාවක් නොමැති බවයි එම දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ.