කුවේට් රාජ්‍යයේ සේවය කරන සියලුම ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් තම ඇඟිලි සලකුණු එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය විසින් නිවේදනය කර ඇති ස්ථානවලට ලබාදෙන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරනවා .
කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් මගින් දැනුම් දී ඇත්තේ එරට සිටින සියලු විදෙස් ශ්‍රමිකයින් ලබන 31 වනදාට පෙර ඇගිලි සලකුණු ලබා දිය යුතු බවටයි.
ඒ අනුව හවාලි, ෆර්වානියා, අහමාද්, මුබාරක් අල් කබීර්, ජහ්රා යන නගරවල පිහිටි ආරක්ෂක අධ්යක්ෂ කාර්යාලවල ඇඟිලි සලකණු ලබාදීමේ මධ්‍යස්ථාන පිහිටුවා තිබෙන බවයි වාර්තා වන්නේ .
කුවෙට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේ, ඇඟිලි සලකුණු ලබා නොදෙන විදේශිකයන්ගේ සියලුම රාජ්‍ය හා බැංකු කටයුතුවලට බාධා පැමිණිය හැකි බවටයි.