මන්නාරම සවුත්භාර් මුහුදු සීමාවේදී මුහුදේ පාවෙමින් ආ පර්සලයක් පරික්ෂා කිරීමේදී එය පුපුරා යාම හේතුවෙන් ධීවරයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඊයේ (21) දින රෝහල්ගත කොට ඇති බව මන්නාරම් පොලීසිය පවසනවා .
සවුත්භාර මුහුදු සීමවේදී මසුන් අල්ලමින් සිටි අදාළ ධීවරයින් දෙදෙනා මුහුදේ පාවෙමින් ආ යම් පාර්සලයක් පරික්ෂා කිරීමටයි පියවර ගෙන ඇත්තේ .
එහිදී පාර්සලය විවෘත්ත කිරීමට යාමේදී එය පුපුරා යාමෙන් ධීවරයින් දෙදෙනාම බරපතළ තුවාල ලැබූ බවයි අනාවරණය වෙන්නේ .
බරපතළ තුවල ලැබූ ධීවරයින් දෙදෙනා අසල්වාසී ධීවරයින් විසින් එම අවස්ථාවේදීම රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති අතර පුපුරා ගොස් ඇත්තේ නිශ්චිතවම කුමක්දැයි යන්න මෙතෙක් අනාවරණය වී නොමැති වුවද. මසුන් මැරීම සඳහා
නීතිවිරෝධීව යොදාගන්නා පුපුරණද්රව්යක් මෙලෙස පුපුරා යාමෙන් ධීවරයින් තුවාල ලබන්නට ඇති බවට පොලීසිය සැක පල කර සිටිනවා .
මෙලෙස පිපිරීමෙන් තුවාල ලබා ඇත්තේ මන්නාරම පන්නංකට්ටු ප්රදේශයේ පදිංචි 37 හැවිරිදි එස්.රමේෂ් සහ 37 හැවිරිදි ඒ. ආරෝග්යනදන් යන අයයි .
මන්නාරම පොලීසිය සහ නාවික හමුදාව එක්ව පුපුරා ගියේ කුමක්දැයි යන්න සේවීම සඳහා පරීක්ෂණයක් අරඹා තිබෙනවා