කාසල්රි ජලාශයට ප්රධාන වශයෙන් ජලය ලබා දෙන බසිනා කෙසෙල්ගමුඔය ආරම්භ වන බගවන්තලාව මහ එළිය රක්ෂිතයේ විශාල පරිසර හානියක් සිදු කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් නව දෙනෙකු නුවරඑළිය මිපිලිමාන පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් අද (22) දින සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා .
මහ එළිය රක්ෂිතය තුළ විශාල පරිසර හානියක් සිදු කරමින් මැණික් ජාවාරම්කරුවන් පිරිසක් අනවසරෙන් මැණික් ගරන බවට ලද තොරතුරක් මතයි වැටලිමක් සිදු කර ඇත්තේ .
සැකකරුවන් සහ මැණික් ගැරීමට උපයෝගි කරගත් උපකරණ රැසක් අත්අඩංගුවට ගෙන එම සැකකරුවන් හැටන් මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා බගවන්තලාව පොලිසිය වෙත භාරදුන් බවයි වැටලිම සිදු කළ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් ප්රකාශ කර සිටියේ .
අත්අඩංගුවට ගත් සැකකරුවන් බලංගොඩ සහ බගවන්තලාව ප්රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ .