බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ කුමන්ත්‍රණයකට සම්බන්ධ බවට එරට පොලිසිය චෝදනා කරනවා.
2022 වසරේ ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා හා ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනෙකු සමග එක්ව කුමන්ත්‍රණයක් සිදුකර ඇති බවයි බ්‍රසීල පොලිසිය සඳහන් කරන්නේ.
හිටපු ජනාධිපතිවරයා සමග කුමන්ත්‍රණය සඳහා හිටපු ඇමතිවරුන් හා නිලධාරීන් 36 දෙනෙකු ඊට එක්ව ඇති බවද පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
හිටපු ජනාධිපතිවරයාගේ කැබිනට් මණ්ඩලයේ ආරක්ෂක අමාත්‍යවරයා, අධිකරණ අමාත්‍යවරයා හා ජාතික ආරක්ෂක උපදේශකවරයා මෙන්ම බොල්සොනාරෝගේ පක්ෂයේ නායකයා ඊට සම්බන්ධ බවයි පොලිසිය නිවේදනය කරන්නේ.
පොලිසිය අනාවරණය කර ගත් කරුණු ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ උපදෙස් පරිදී ඉදිරි පියවර ගන්නා බවද පොලිසිය පවසනවා.