ඇමෙරිකාවේ තේරීපත් වූ ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ පාලනය යටතේ එරට නීතිපති තනතුර සඳහා පෑම් බොන්ඩි තෝරාගෙන තිබෙනවා.
නීතිපති තනතුර සඳහා තමා ඉදිරිපත් නොවන බව ට්රම්ප්ගේ ප්රබල ආධාරකරුවකු ලෙස කටයුතු කළ මැට් ගේට්ස් සඳහන් කිරීමෙන් අනතුරුවයි පෑම් බොන්ඩි තෝරාපත් කර ගැනුනේ.
ඇමෙරිකාවේ නීති ක්ෂේත්රයේ වසර 20 කට ආසන්න කාලයක් සේවය කර ඇති ඇය 2016 වසරේ සිට ට්රම්ප්ට සහාය දක්වනවා.
මීට පෙර ඇය ෆ්ලොරීඩා ප්රාන්තයේ නීතිපතිවරයා ලෙස ද කටයුතු කළා.
2019 වසරේදී ට්රම්ප් ජනාධිපතිවරයාට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගයේදී ඔහුගේ පාර්ශ්වයෙන් කටයුතු කළ නීති කණ්ඩායමේ ප්රධානියෙකු ලෙස ද පෑම් බොන්ඩි කටයුතු කළා.