රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳ වන රෂී ප්‍රභා රත්වත්තේ මහත්මිය දෙසැම්බර් මස 2වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට අද (22) දින නියෝග කර තිබෙනවා .
ඔවුන් දෙදෙනා නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය 18වැනිදා ඉදිරිපත්කරනු ලැබූ අතර, එහිදී දෙදෙනාගේම ඇප ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරනු ලැබුවා .
ඒ අනුව හිටපු රාජ්‍ය අමාත්‍යවරයා දෙසැම්බර් 02 වනදා දක්වාත් ඔහුගේ බිරිද අද දක්වාත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමටයි නියෝග කර තිබුණේ .