එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙළෙඳ නීතිය පිළිබඳ කොමිසමට ශ්‍රී ලංකාව තේරී පත්වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරනවා.
ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙළෙඳ නීතිය පිළිබඳ කොමිසමට තේරී පත් වූ රටවල් 31 අතරට ශ්‍රී ලංකාව ද අයත් වන බවයි.
පසුගිය 20 වන දින එම කොමිසමට තෝරාගන්නා සාමාජික රටවල් සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පැවති අතර එහිදී ආසියා පැසිෆික් කණ්ඩායමේ ආසනයක් සඳහා තරග කළ ශ්‍රී ලංකාව ඡන්ද 177 ක් හිමිකර ගැනීමට සමත් වුණා.
එම කණ්ඩායම තුළ සාමාජික රටක් හිමිකරගත් දෙවන වැඩිම ඡන්ද සංඛ්‍යාව මෙය ලෙසයි සැලකෙන්නේ.
එමෙන්ම සභිකයින් 31 දෙනා අතරින් දෙවන වැඩිම ඡන්ද සංඛ්‍යාව හිමිකරගත් රට ලෙස ද ශ්‍රී ලංකාව පත් වනවා.
ආසියා පැසිෆික් කණ්ඩායමේ කොමිසම සඳහා තේරීපත් වූ අනෙක් රටවල් ලෙස මැලේසියාව , පිලිපීනය ,සිංගප්පූරුව, වියට්නාමය , චීනය , ජපානය හා කොරියාව නම්කළ හැකියි.
2025 වසරේ ජනවාරි මාසයේ සිට වසර 06 ක කාලයක් ශ්‍රී ලංකාව එහි සාමාජිකත්වය දරණු ඇති.