හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ප්‍රකාශයක් ලබාදීම සඳහා දෙවන දිනටත් අද (22) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.
පාස්කු ඉරිදා දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව විකාශය කළ වැඩසටහනක ප්‍රචාරය වූ කරුණු සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළවයි ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා ඔහු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත්තේ.
පෙරේදා දිනයේදී පිල්ලයාන් මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා.
එහිදී එහු පවසා ඇත්තේ දමිළ භාෂාවෙන් සිය ප්‍රකාශය ලබාදීමට අවශ්‍ය බවයි.
එබැවින් භාෂා පරිවර්තන කටයුතු සූදානම් කිරීමෙන් අනතුරුවයි අද (22) දිනයේ ඔහුගේ ප්‍රකාශ ලබාගැනීම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇත්තේ.