අයහපත් කාලගුණය හමුවේ බාධාවකින් තොරව උසස්පෙල විභාගය පවත්වාගෙන යාම සඳහා ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්ත්මේන්තුව ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඉදිරි සතිය තුළ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්රිත අඩුපීඩන තත්ත්වයක් වර්ධන විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරෝකථනය කර තිබෙනවා.
ඒ හේතුවෙන් ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් මගහරවා ගනිමින් විභාග කාලසීමාව තුළදී ආපදා හේතුවෙන් සිසුන්ට මුහුණදීමට සිදුවිය හැකි බාධා මග හරවාගනිමින් සාර්ථකව විභාගයට මුහුණදීමට අවශ්‍ය යහපත් පරිසරයක් නිර්මාණය කිරීමටයි මෙම පියවර ගෙන ඇත්තේ.
විභාග කාලසීමාව තුළ ඊට පෙනී සිටින අපේක්ෂකයින් මෙන්ම විභාග රාජකාරි සඳහා සම්බන්ධ වන නිලධාරීන්ට ආපදා හේතුවෙන් මුහුණුදීමට සිදුවිය හැකි බාධා මගහැරගැනීම සඳහා හදිසි ප්‍රතිචාර දැක්වීමේ සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමටද මෙම ඒකාබද්ධ සැලැස්ම තුළින් කටයුතු කරන බව සඳහන්.
යම් ආපදාවක් හේතුවෙන් සිසු දරුවකුට විභාගයට පෙනී සිටීමට බාධාකාරී තත්ත්වයක් මතු වුවහොත් අදාළ මධ්‍යස්ථානය කරා ළඟාවීම සඳහා සහාය ලබාගැනීමට දුරකථන අංක කිහිපයක්ද හඳුන්වාදී තිබෙනවා.
ඒ අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 හෝ විශේෂ ඒකාබද්ධ හදිසි මෙහෙයුම් මැදිරි අංක වන 0113 668 020 / 0113 668 100 හෝ 0113 668 013 / 0113 668 010 සහ 076 3 117 117 යන අංක වෙත දැන්විය හැකියි.
එමෙන්ම විභාග දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් අංකය වන 1911 යන දුරකථන අංකයට ද ඒ බව දැන්වීම තුළින් කඩිනමින් එම තත්ත්වය මගහරවා ගැනීමට අවශ්‍ය සම්බන්ධීකරණය සිදුකර ගත හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දෙනවා.