සෙවනගල පොලිස් වසමේ කිරිවැව ප්රදේශයේදී විදුලිසැර වැදීමකින් සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
මෙම පුද්ගලයා සෙවනගල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
මරණකරු වයස අවුරුදු 45ක් වූ වැලිආර, සෙවනගල ප්රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්.
ඊයේ (21) දහවල් කාලයේ දී ඔහු නිවසක බ්ලොක්ගල් කපමින් සිටියදී විදුලිසැර වැදී ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
මරණය සම්බන්ධයෙන් සෙවනගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.