රජයේ සහ රජයේ අනුමත පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා වන තෙවන පාසල් වාරයේ පළමු අදියර අද (22) දිනයෙන් අවසන් වෙනවා.
ඒ අනුව අදින් පසු පාසල් නිවාඩු කාලය ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
මුස්ලිම් පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර නිමා වන්නේ 2024.12.13 වන සිකුරාදා දින වන අතර එම දිනට පසු දා සිට එම පාසල්වල නිවාඩු කාලය ආරම්භ වෙනවා.
සියලු ම පාසල්වල තෙවන වාරයේ දෙවන අදියර ආරම්භ කරමින් පාසල් නැවත ආරම්භ වන්නේ 2025 වර්ෂයේ ජනවාරි මස 02 වන බ්‍රහස්පතින්දායි.