ගාල්ල නාගොඩ මාර්ගයේ ගිං ගඟ හරහා ඇති යකඩ පාලම කඩා වැටීමෙන් අද (21) පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 49 හැවිරිදි නාගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙක්.
අනතුරට පත් පුද්ගලයා පාලමේ මැද කම්බිවල සිරවීම හේතුවෙන් එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.
මළසිරුර ගොඩගැනීම සඳහා අවශ්‍ය කටයුතු නාගොඩ පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව සිදු කරනු ලබනවා.