ලෝක රූපවාහිනි දිනය අදට යෙදී තිබෙනවා.
ප්‍රවේශ්‍යතාව යන්න මෙවර ලෝක රූපවාහිනි දිනයේ තේමාව වනවා.
1996 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නොවැම්බර් 21 වනදා ලෝක රූපවාහිනි දිනය ලෙස ප්‍රකාශයට පත්කළා.
ඒ එම වසරේ දී පළමු ලෝක රූපවාහිනි සංසදය පැවැත්වූ දිනය සිහිපත් කරමින්.
සන්නිවේදනය / අධ්‍යාපය පමණක් නොව විනෝදාස්වාදය සඳහා මාධ්‍යක් ලෙස රූපවාහිනියේ ගෝලීය බලපෑම අද දිනයේ සිහිපත් කෙරෙනවා.
මහජන මතය ගොඩනැගීමේ දී / සංස්කෘතික හුවමාරුව පෝෂණය කිරිමේ දී සහ දේශසීමා හරහා තොරතුරු බෙදා හැරීමේ දී රූපවාහිනිය මාධ්‍යක් ලෙස විශාල කාර්යභාරයක් ඉටු කරනවා.
දෘෂ්ටි විකාශනයේ යාන්ත්‍රික අත්හදා බැලීමක් ලෙස ආරම්භ වූ රූපවාහිනිය වර්තමානය වන විට බොහෝ ක්ෂේත්රයවලට වැදගත් සන්නිවේදන මාධ්‍යක් වී අවසන්.
රූපවාහිනිය නරඹන්නන්ට ඔවුන්ගේ සංස්කෘතියෙන් ඔබ්බට ගොස් විවිධ සංස්කෘතින් අත්විදීමට සහ අගය කිරීමට රූපවාහිනිය තුළින් ඉඩ සැලසෙන අතර ඒ හරහා එකමුතු හැගීමක් ඇති කරනවා.
රූපවාහිනිය තුළින් දැනුවත් කිරීමට ප්‍රබෝධමත් කිරීමට සහ එක්සත් කිරීමට ඇති හැකියාව අද වන විට බෙහෙවින් අත්‍යවශ්‍ය වී තිබෙනවා.