යාපනය දිස්ත්‍රික්කයේ ස්වාධීන කණ්ඩායමකින් තරග කර පාර්ලිමේන්තුවට තේරීපත් වූ නවක මන්ත්‍රීවරයෙකු වන වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා මෙලෙස විපක්ෂ නායකවරයාගේ අසුනේ සිට තිබෙනවා .
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නියමිත අසුනක් පැනවෙන අතර පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වන මංගල දිනයේ දී මන්ත්‍රීවරුන් සඳහා තමන්ට රිසි අසුනක අසුන් ගැනීමේ අවස්ථාව ලබාදෙනවා.
එබැවින් අද (21) දිනයේත් මන්ත්‍රීවරුන්ට ඕනෑම අසුනක හිද ගැනීමටයි අවස්ථාව සලසා දී තිබෙන්නේ .
පාර්ලිමේන්තු සාම්ප්රධාය අනුව කතානායකවරයාට දකුණු පස ඉදිරි පෙළ අටවන අසුනේ සිට පිළිවෙලින් ජනාධිපති – අගමැති – සභා නායක හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාට අසුන් පිරිනැමෙනවා.
ඊට විරුද්ධ පස පළමු පේලියේ අටවන අසුන විපක්ෂ නායකවරයාටත් – හත්වන අසුන විපක්ෂයේ සංවිධායකවරයාටත් පිරිනැමීම සාමාන්‍ය සාම්ප්රධායයි.
එහෙත් යාපනය දිස්ත්‍රික් ස්වාධීන කණ්ඩායම් අංක 17න් තේරීපත් වු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා මෙලෙස විපක්ෂ නායකවරයාට සාම්ප්රධායානුකූලව හිමි වන අසුනේ සිටින ආකාරයේ විඩියෝවක් සමාජ මාධ්‍යයේ හුවමාරු වනවා.
පාර්ලිමේන්තු වේත්‍රධාරීවරයා ඒ පිළිබඳව නවක මන්ත්‍රීවරයා දැනුවත් කළ ද තම ජංගම දුරකතනය මගින් එම අවස්ථාව ඔහු පටිගත තිබෙනවා .