මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරයකු ලෙස කටයුතු කළ ව්‍යාජ වෛද්‍යවරයා ඊයේ (20) දින මාතලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව ඔහු මාතලේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස (28) වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතලේ ප්‍රධාන මහේස්ත්‍රාත් නිල්මිණි රන්කොත්ගේ මහත්මිය විසින් අද (21) වන දින නියෝග කළා.
මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ 27 හැවිරිදි රත්නපුර ප්‍රදේශයේ පදිංචි පන්විල මොහොට්ටාලගේ ලසන්ත චින්තක සමන් මොහොට්ටාල නමැති අයෙක්.
මෙම ව්‍යාජ වෛද්‍යවරයා මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ සති දෙකක පමණ කාලයක් වෛද්‍යවරයකු ලෙස කටයුතු කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
ඔහු වෙද නලාවද බෙල්ලෙ දමාගෙන වෛද්‍ය නිල ඇඳුම ද සහිතව රෝහල තුළ කටයුතු කර ඇති අතර එම පුද්ගලයාගේ හැසිරීම් රටාව පිළිබඳව රෝහලේ අනෙකුත් වෛද්‍යවරුන්ට හා රෝහල් අධ්‍යක්ෂකවරයාට ඇතිවූ සැකය පිළිබඳව අධ්‍යක්ෂකවරයා විසින් මෙම පුද්ගලයා පිළිබඳව මාතලේ පොලිසියට දැනුම් දී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ කටයුතු මාතලේ පොලිසිය මගින් සිදු කරනු ලබනවා.