බියෙන් සැකෙන් තොර නිදහස් රාජ්‍යයක් ගොඩ නගන බවට සහතික වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (21) පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළා.
නැවත මෙරට ජාතිවාදී දේශපාලනයට හිස එසවීමට ඉඩ නොතබන බවද ජනාධිපතිවරයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් අවධාරණය කළේය.
යහපත් පුරවැසියන්, යහපත් ආකල්ප සහිත පොදු ජනතාවක් බිහිකළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන් අතර, ඒ සඳහා Clean Sri Lanka වැඩසටහන ක්‍රියාත්මක කරන බව සඳහන් කළා.
පාසල් පොත් මිලදී ගැනීම සඳහා දීමනාවක් ලබා දීමට සහ අස්වැසුම සුබසාධක දීමනාව වැඩි කිරීමට කටයුතු කරනබවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.
ආබාධිත පුද්ගලයින් රැකබලා ගැනීම සඳහා විශේෂ දීමනාවක් ලබාදෙන බවත් ආණ්ඩුව සියලු පුද්ගලයින් රැක බලා ගන්නා ආණ්ඩුවක වගකීම ඉටුකරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.