රජය වී වගාවට ලබාදෙන සහන පාරිභෝගිකයාට ද ලැබිය යුතු බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා .
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (20) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදීයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ .
ජනතාව පීඩාවට පත් නොකිරීම සඳහා ආණ්ඩුව අවශ්‍ය අවස්ථාවන්වලදී කෙටි කාලීන සහ දීර්ඝ කාලීන වශයෙන් ප්‍රතිපත්ති තීරණ ගන්නා බව අමාත්‍යවරයා අවධාරණය කර සිටියා .
දැනටමත් දිස්ත්‍රික් සහ ප්‍රාදේශිය මට්ටමින් ගත යුතු ක්‍රියා මාර්ග ගෙන ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ .