ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන ගෞතම් අදානිට ඇමෙරිකාව වංචා චෝදනා එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ගෞතම් අදානි එක්සත් ජනපදයේ මුදල් රැස්කිරීම සඳහා ඩොලර් මිලියන 250ක අල්ලස් ක්‍රමයක් සැලසුම් කර එය සැඟවූ බවට මෙලෙස චෝදනා එල්ල වන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයෙකු වන 62 හැවිරිදි අදානිගේ ව්‍යාපාර වරායන් සහ ගුවන්තොටුපළ සිට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රය දක්වා විහිදෙනවා.
ව්‍යාපාර 20ක් පුරා ඩොලර් බිලියන දෙකකට වැඩි ලාභයක් ලබා ගැනීමට අපේක්ෂා කරන ඔහුගේ පුනර්ජනනීය බලශක්ති සමාගම සඳහා කොන්ත්‍රාත් ලබා ගැනීම පිණිස අදාළ අල්ලස් ලබාදීමේ වරද සිදුකර ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.
මේ අතර පසුගිය සතියේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ජයට සමාජ මාධ්‍ය ඔස්සේ සුබ පැතු අදානි / ඇමෙරිකාව තුළ ඩොලර් බිලියන 10ක ආයෝජන සිදුකරන බවට ද පොරොන්දු වුණා.