උගතුන් විශාල පිරිසක් පාර්ලිමේන්තුව සහ කැබිනෙට්ටුව නියෝජනය කිරීම සුබදායි කරුණක් බව ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා පවසනවා.
හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේ වාර්ෂික ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණය අමතමිනුයි ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා මේ බව ප්‍රකාශ කළේ.
තිරසර සංවර්ධනය සඳහා මාධ්‍ය සහ ලිබරල් කලාව මැයෙන් එය පැවැත්වුණා.
ශ්‍රීපාලි මණ්ඩපාධිපති ආචාර්ය ප්‍රතිභාමහානාම හේවා මහතා මෙහිදී තවදුරටත් කියා සිටියේ උගතුන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීම රටට සුබදායි වනු ඇති බවයි.