නව රජයේ නියෝජ්‍ය ඇමතිවරුන් අද දිවුරුම්දීමට නියමිතයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද පස්වරුවේ මෙම දිවුරුම්දීම සිදු කිරීමට නියමිතයි.
නව මුහුණු රැසකින් සමන්විත නව නියෝජ්‍ය ඇමතිවරුන් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් සදහා වන රජයේ වැඩපිලිවෙල ඉදිරියට ගෙන යාමට කැබිනට් ඇමතිවරුන්ට ශක්තියක් වනු ඇති.
අදාළ විෂයන් සම්බන්ධයෙන් දැනුමක් සහිත මංත්‍රීවරුන්ගෙන් නව නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලය සමන්විත වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.