හිටපු කැබිනට් ඇමතිවරුන් 04 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට අද කැඳවා තිබුණා.
ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහායි මෙම ඇමතිවරුන් රහස් පොලීසියට අද කැඳවා තිබුණේ.
ප්‍රසන්න රණතුංග, හරීන් ප්‍රනාන්දු ,වෛද්‍ය රමේෂ් පතිරණ සහ රොෂාන් රණසිංහ යන හිටපු ඇමතිවරුන් ඒ අනුව අද පැමිණ සිටියා.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීමේ සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවෙක්.
සෞඛ්‍ය ඇමති ලෙස ඔහුට අදාළ ඖෂධ මිලදී ගැනීමේ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දීම සම්බන්ධයෙන් විමසීමටයි හිටපු ඇමතිවරුන් මෙලෙස රහස් පොලීසියට මෙලෙස කැඳවා තිබුණේ.