ශ්රී ලංකා නව රජයට කැනඩා පාර්ලිමේන්තුව සුබ පැතුම් එක්කර තිබෙනවා.
කැනඩා පාර්ලිමේන්තු මන්ත්රී චන්ද්ර ආර්යා මහතා එරට පාර්ලිමේන්තුව අමතමින් මෙසේ සුබ පැතුම් එක්කෙරුණා.
“කතානායකතුමනි ශ්රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස පත්වු අනුර කුමාර දිසානායක මහතාට සහ ඔහුගේ දේශපාලන පක්ෂයට මහ මැතිවරණයේ දී බහුතර බලයක් හිමිවුණා.
එම ජයග්රහණය වෙනුවෙන් සිංහල කැනේඩියානු සහ දෙමළ කැනේඩියානුවන් ඇතුලු කැනඩාවේ ශ්රී ලංකා ඩයස්පෝරාව වෙනුවෙන් මම සුබ පැතුම් එක්කරනවා.
මෙම ජයග්රහණයත් සමග ශ්රී ලංකාවේ ජනතාව තුළ පවතින දීර්ඝකාලීන ගැටලුවලට විසදුම් ලබාදෙනු ඇති.
සියලු ජනකොටස් නව රජය කෙරෙහි විශ්වාසය පළ කර තිබෙනවා.
ශක්තිමත් ද්විපාර්ශවික සබඳතා පෝෂණය කර ගැනීමට මෙම අවස්ථාව ප්රයෝජනයට ගන්නා ලෙසට මම කැනඩාවෙන් ඉල්ලා සිටිනවා.”