රී ලංකාව සහ සිංගප්පූරුව අතර කාළසටහනකට අනුව ධාවනය වන අඩු වියදම් ගුවන් සේවාවක් ආරම්භ කෙරුණා.
ජෙට් ස්ටාර් ( Jet Star) ගුවන් සේවයේ පළමු මංගල ගුවන් යානය අද උදෑසන 10.15 ට සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණේ ඒ අනුවයි.
ගුවන් මගීන් 179 ක් සහ කාර්යය මණ්ඩලයේ ෙ 06 දෙනෙකුගෙන් සමන්විත මෙම ගුවන් යානය ජල ආචාර පවත්වා ( Water Salute ) කටුනායක ගුවන් තොටුපොළ වෙත පිළිගනු ලැබූ අතර , ගුවන් තොටුපොළ තුළ දී උඩරට නර්තන ශිල්පීන් පිරිසක් විසින් , සිය නර්තන දක්ෂතා දක්වමින් පිළිගැනීමට කටයුතු කළා.
සතියකට දින 05 ක් එනම් සදුදා , බදාදා සහ සෙනසුරාදා දින වල රාත්‍රී 10.30 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන මෙම ගුවන් යානය යළි එදින මධ්‍යම රාත්‍රී 11.30 ට සිංගප්පූරුව බලා යළි පිටත්ව යාමටයි නියමිතව ඇත්තේ.
එමෙන්ම බ්‍රහස්පතින්දා සහ ඉරිදා දින වල උදෑසන 10.30 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන මෙම ගුවන් යානා යළි එදිනම දහවල් 11.30 ට සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතයි.
මෙම ගුවන් සේවය මගින් ශ්‍රී ලංකාවට පැමිණ ආපසු සිංගප්පූරුව බලා පිටත්ව යාම සඳහා , ගුවන් ගමන් ගාස්තුව ලෙස රුපියල් 140,000 ක් අය කෙරෙන බව මෙම ගුවන් සේවයේ ගුවන් තොටුපොළ කළමනාකාරවරයා ප්‍රකාශ කළා.
මෙම ගුවන් යානයෙන් අද දහවල් 11.30 ට ගුවන් මගීන් 178 දෙනෙකු සහ ගුවන් යානා කාර්ය මණ්ඩලය ලෙස තවත් 06 දෙනෙකු පිටත්ව ගොස් තිබෙනවා.