වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් වැල්ලවාය පොලිස් බල ප්රදේශයට අයත් ජනාවාස තුන ප්රදේශයේ සිදු කල වැටලීමකදී නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයතුල තිබී ගෝඩා,බැරල් ඇතුළු උපකරණ රැසක් පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් එම ප්රදේශයම පදිංචිකරුවන් වන අතර සැකකරුවන් වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනවා