දික්වැල්ල – වලස්ගල ප්‍රදේශයේ පශු වෛද්‍ය කාර්යාලය ආසන්නයේ අද අළුයම වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
අළුයම 5.30ට පමණ මෙම වෙඩිතැබීම සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.
යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉල්ලක කර මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.
එම පුද්ගලයා අදාළ ස්ථානයේම මිය ගොස් ඇති බව සඳහන්.
එලෙස මියගොස් ඇත්තේ 48 හැවිරිදි වලස්ගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
වෙඩිතැබීමට හේතුව සහ එය සිදුකළේ කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.