උසස් පෙළ විභාගය ලබන 25 වනදා සිට දෙසැම්බර් මස 20 වනදා දක්වා පැවැත්වීමට දින නියම කර ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
විභාගය කල්දමන ලෙස විවිධ පාර්ශව ඉල්ලීම් ඉදිරිපත් කළා.
ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.
කෙසේ වෙතත් විභාග ප්‍රශ්න පත්‍ර මුද්‍රණය, ප්‍රාදේශීය එක්රැස් කිරිමේ මධ්‍යස්ථාන, සමබන්ධීකරණ මධ්‍යස්ථාන සහ විභාග මධ්‍යස්ථාන පිහිටුවීම ඇතුලු පූර්ව කටයුතු මේ වන විට අවසන් කර තිබෙනවා.
සාමාන්‍ය පෙළ විභාගය ඇතුලු විභාග රැසක් සඳහා දින නියම කර තිබිම හේතුවෙන් මෙම විභාගය කල් දැමීමට කටයුතු කළ හොත් ඉදිරි විභාග වැඩසටහන් ද යළි අක්‍රමවත් වනු ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.
ඒ අනුව විභාගය කල් දැමිමේ හැකියාවක් නොමැති බවත් අමාත්‍යාංශය පෙන්වා දුන්නා.