යම් යම් පාර්ශව මැදිහත් වී දකුණු කොරියාවේ ඍතුමය රැකියා සඳහා වන E8 වීසා යටතේ අනුමත ක්‍රමවේදයෙන් බැහැරව කටයුතු කිරීම හේතුවෙන් එම රැකියා බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රමිකයින් අපහසුතාවයට පත්වීම පිළිබඳව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ අවධානය යොමුවී තිබෙනවා .
ඒ අනුව අද පෙරවරුවේ 11.20 බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා විදෙස් සේවා නියුක්ති කාර්යාංශයට පැමිණි අමාත්‍යවරයා, කාර්යාංශයේ ඉහළ නිලධාරීන් හා අදාල ශ්‍රමිකයින් පිරිසක් සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බවයි වාර්තා වන්නේ .
දකුණු කොරියාවේ E8 වීසා ක්‍රමය යටතේ ශ්‍රමිකයන් යොමු කිරීම පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කරමින් ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට අමාත්‍යවරයා එහිදී තීරණය කර තිබෙනවා .
මෙම විශේෂ සාකච්ඡාවට කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ‚ සාමාන්‍යාධිකාරි D.D.P. සේනානායක යන මහත්වරුන් ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වී තිබෙනවා .