දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවකාරයෙන් හෙට (21) විවෘත කිරීමට නියමිතව තිබෙනවා .
ඊට අදාළ පෙරහුරුව පාර්ලිමේන්තුව පරිශ්‍රයේදී අද (20)පවත්වා තිබෙන බවයි වාර්තා වන්නේ .
හෙට පෙ.ව 9.55ට ගණපූර්ණ සීනුව නාදකිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව පෙ.ව 10.00 ට රැස්වීමට නියමිත අතර සෙංකෝලය සභා ගර්භයේ තැන්පත්
කිරීමෙන් පසු, පාර්ලිමේන්තුව රැස් වන දිනය හා වෙලාව නියම කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදන පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය විසින් දිනයේ පළමු කාර්යය ලෙස සභාවට ඉදිරිපත් කරනු ලබනවා .
පළමුව කථානායකවරයා තෝරා ගැනීම සිදුවෙන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 64 (1) ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 4,5 සහ
6හි විධිවිධාන ප්‍රකාරව අනුපිළිවෙලින් කථානායකවරයා තෝරා පත්කර ගැනීම, කථානායක නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබා දීම, මන්ත්‍රීවරයන් විසින් නිල
ප්‍රතිඥාව හෝ දිවුරුම ලබා දීම, නියෝජ්‍ය කථානායක සහ නියෝජ්‍ය කාරකසභා සභාපතිතෝරා පත් කර ගැනීම සිදුකරනු ලබන බවයි සඳහන් වන්නේ .
පළමු දිනයේදී මන්ත්‍රීවරයන් සඳහා අසුන් පැනවීමේ පිළිවෙලක් නොමැති අතර තමන්ට රිසි අසුනක අසුන් ගැනීමේ අවස්ථාව මන්ත්‍රීවරයන්ට හිමිවීම විශේෂත්වයක් .
මෙම මූලික කටයුතු අවසානයේ පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුවීම සිදුවන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32(4) සහ 33 ව්‍යවස්ථාවල විධිවිධාන
ප්‍රකාරව පෙ.ව 11.30 ට ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සභාවේ මුලසුනේ සිට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත්
කිරීමට නියමිතයි .
දසවැනි පාර්ලිමේන්තුවේ මංගල සභා රැස්වීම චාම් උත්සවයක් ලෙස පැවැත්වීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත කටයුතු යොදා ඇති අතර ඒ
අනුව ජය මංගල ගාථා, ත්‍රිවිධ හමුදා උත්තමාචාර, ආචාර වෙඩි මුර සහ රථ පෙළපාලි නොපැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී කුෂාන් ජයරත්න
මහතා ප්‍රකාශ කර තිබෙනවා .
මේ අනුව පෙ.ව 11.00 පමණ වන විට සියලු ආරාධිතයන් අසුන් ගැනීමට නියමිත අතර පෙ.ව 11.10 ට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට
පෙළ අසලදී පාර්ලිමේන්තුවේ ගරු කථානායකවරයා පිළිගැනීමට නියමිතයි .
අනතුරුව පෙ.ව 11.15 ට ගරු අග්‍රාමාත්‍යවරිය පිළිගැනීම සිදුවන අතර ගරු ජනාධිපතිවරයාගේ පැමිණීම සිදුවන්නේ ඉන් අනතුරුවයි.
ඒ අනුව පෙ.ව 11.20 ට කථානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට
පෙළ අසලදී ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමට නියමිතයි .
ඉන් අනතුරුව වේත්‍රධාරි සහ නියෝජ්‍ය වේත්‍රධාරි පෙරටු කරගත් ගරු කථානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මහලේකම්තුමිය විසින් ජනාධිපතිතුමා
පාර්ලිමේන්තු මන්දිරය වෙත කැඳවා ගෙන යනු ලබනවා .
අනතුරුව පැළදුම් කාමරයට පැමිණෙන ජනාධිපතිවරයා පෙ.ව 11.25 ට ගණපූර්ණ සීනුව නාද වන තෙක් එහි රැදී සිට සම්ප්‍රදායට අනුව නියෝජ්‍ය
වේත්‍රධාරී, සෙංකෝලය අතැති වේත්‍රධාරී, ජනාධිපතිවරයා, කථානායකවරයා සහ මහලේකම්වරු යන අනුපිළිවෙලට පෙරහරින් සභාගර්භයට ඇතුළු වීම
සිදු වෙන බවයි සඳහන් වන්නේ .
සභාගර්භයට පිවිසෙන ජනාධිපතිවරයා සභාවේ මුලසුන දරන අතර මෙම අවස්ථාවේදී කථානායකවරයා, පාර්ලිමේන්තුව කාරක සභා අවස්ථාවකදී අසුන්
ගන්නා පහළ ආසනයේ ලේකම් මණ්ඩලය සමග අසුන් ගැනීම සිදුවෙනවා .
අනතුරුව ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබීමෙන් පසු සභාව කල් තැබීමට නියමිතයි .
දසවැනි පාර්ලිමේන්තුවේ මංගල සභා රැස්වීමේ අවස්ථාවට විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසකට ඇරයුම් කර ඇති බව ද
වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා .