වතු කම්කරුවන්ගෙන් මාසිකව වෘත්තිය සමිති සඳහා අය කරන සමාජික මුදල් නතර කරන ලෙසට වතු කම්කරුවන් වතු පාලන අධිකාරියෙන් ඉල්ලා තිබෙනවා
වතු කම්කරුවන්ගෙන් වෘත්තිය සමිති සඳහා මාසිකව අය කරනු ලබන සමාජික මුදල් 2024 දෙසැම්බර් මස සිට අය නොකරන ලෙසට වතු වෘත්තිය සමිති කිහිපයක සමාජිකයන් විසින් වතු පාලන අධිකාරියෙන් මෙම ඉල්ලීම කර ඇති බවයි සඳහන් වන්නේ .
මහ මැතිවරණයෙන් අන්ත පරාජයක් ලැබූ වතුකරයේ වෘත්තිය නායකයින් බලයේ රැදී සිටි කාලයේදිත් තමන්ට කිසිදු සුභ සාධනයක් සිදු නොකළ අතර ඒ අනුව මාසිකව රු 250- 330 දක්වා විවිධ ගණන් යටතේ එක් එක් වෘත්තිය සමිති වලට අය කරන සමාජික මුදල නතර කරන ලෙසටයි වතු කම්කරුවන් වතු පාලන අධිකාරියෙන් ඉල්ලා සිටින්නේ .
මාස හයකට වරක් වතු වෘත්තිය සමිති විසින් වතු කම්කරුවන් සමාජිකයන් ලෙස බඳවා ගන්නා බව 2025 වසරේ මුල් මාස හය සඳහා සමාජිකයන් බඳවා ගැනීම සඳහා එම වෘත්තිය සමිති විසින් ලබාදෙන අයදුම්පත් ලබා නොගැනීමට වතුකම්කරුවන් විශාල පිරිසක් මේ වන විට තීරණය කර තිබෙනවා .
වතු කම්කරුවන් මාසිකව වෘත්තිය සමිති වෙල ගෙවනු ලබන සමාජික මුදල් වල සවිස්තර වාර්තාවක්ද එම වෘත්තිය සමිති විසින් තමන් වෙත ලබා නොදෙන බවයි වතු කම්කරුවන් වැඩිදුරටත් ප්රකාශ කර සිටියේ .