ආර්ථික ක්‍රියාවලියේදී ශ්‍රම බලකාය තුළ අමාත්‍යවරයා ලෙස තමා ද තවත් එක් ශ්‍රමිකයකු පමණක් වන අතර සෑම පුද්ගලයකුම ඒ බව තේරුම් ගෙන කටයුතු කිරීමෙන් ශක්තිමත් ඵලදායී ශ්‍රම බලකායක් පිළිබඳව වන රජයේ අපේක්ෂාව ඉටුකර ගත හැකි බව කම්කරු අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා පවසනවා .
කම්කරු අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරි ආරම්භ කරමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ .
සියලු පුද්ගලයින් ශ්‍රමයේ කොටස්කරුවන් වන අතර මානව සම්පත සමඟ ශ්‍රමය නිසිලෙස දියුණු කර පාවිච්චි කිරීමෙන් රට කඩිනමින් සංවර්ධනය කර ගැනීමේ හැකියාව පවතින බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා .
අමාත්‍යාංශයේ විෂය පථයට අදාලව ජනතාව එදිනෙදා මුහුණ දෙන ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීම කෙරෙහි තමා වැඩි අවධානයක් යොමු කරන බවයි අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ.
මෙවර පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අමාත්‍ය අනිල් ජයන්ත මහතා සිය මූලික අධ්‍යාපනය ගම්පහ – දිවුලපිටිය ආඬිමුල්ල ප්‍රාථමික විදුහලෙන් ද ද්විතීයික අධ්‍යාපනය හය වෙනි පාවුළු පාප් මහා විද්‍යාලයෙන් ද හදාරා තිබෙනවා .
කැලණිය විශ්වවිද්‍යාලයේ විශේෂ වාණිජවේදී පළමු පන්ති සාමාර්ථයක් සහිත උපාධිධරයෙකු වන අමාත්‍යවරයා වෘත්තියෙන් වරලත් ගණකාධිකාරිවරයෙකු මෙන්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක්