පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව අද (20) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි හිටපු රාජ්‍ය අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් ප්‍රකාශයක් ලබාදීමෙන් පසු ඉන් පිටවගොස් තිබෙනවා .
බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාලිකාවට ඔහුගේ හිටපු ලේකම්වරයෙකු වන අසාද් මවුලානා යන අය කළ කරුණු දැක්වීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සම්බන්ධයෙන් චන්ද්‍රකාන්තන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණ බවයි වාර්තා වන්නේ .
පසුගිය 12 වැනිදාද ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබූ අතර එදින තමාට පැමිණිය නොහැකි බැවින් මේ මස 18 සහ 25 අතර දිනයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට හැකියාව පවතින බවයි ඔහු ලිඛිතව දැනුම් දී තිබුණේ.
ඒ අනුවයි ඔහු අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙන්නේ .