පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල සඳහා අයැදුම් කළ සිසුන්ට ලියාපදිංචි වීමට දුන් කාලය අවසන් වී තිබෙනවා.
ලියාපදිංචි වීමට දුන් කාලසීමාව තුළ සිසුන් 40000ක් පමණ ලියාපදිංචි වී ඇති බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පැවසුවේ.
ඒ අතුරින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ලියාපදිංචි නොවූ සිසුන් සඳහා වෙනත් සිසුන් කඩිනමින් බඳවා ගැනීමට පියවර ගන්නා බව ද එම කොමිසම ප්‍රකාශ කළා.
වෛද්‍ය පීඨ සියල්ලට හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට සිසුන් බඳවා ගැනීම සඳහා ඉදිරි පියවර ගැනීමට ලියාපදිංචි ලේඛන යොමු කළ බව ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වැඩිදුරටත් පවසනවා.