ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ගාසා තීරයේ සංචාරයක නිරත වුණා.
එම ප්‍රදේශයේ සංචාරය කරමින් ඊශ්‍රායල අගමැතිවරයා ප්‍රකාශ කළේ ගාසා තීරයෙන් මුදා හරින සෑම ඊශ්‍රායල ජාතිකයෙකු වෙනුවෙන් ඇමරිකා ඩොලර් මිලියන 5ක ත්‍යාගයක් ලබා දෙන බවයි.
හමාස් සටන්කාමීන් ග්‍රහණයේ රඳවා සිටින ඊශ්‍රායල ජාතිකයින් නිදහස් කිරීමට උදව් ලබා දෙන අයට යුද්ධයෙන් විනාශ වූ පලස්තීන භූමියෙන් පිටතට යාමට මාර්ගයක් විවර කරන බවද අග්‍රාමාත්‍යවරයා පවසනවා.
මෙම සංචාරයේදී ඊශ්‍රායල හමුදාවේ නෙට්සාරිම් කොරිඩෝව නිරීක්ෂණය කිරීමටද නෙතන්යාහු කටයුතු කළා.
ඊශ්‍රායල වාර්තා වලට අනුව මේ වන විට ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් ලෙස 101ක පිරිසක් රැඳී සිටිනවා.
එහෙත් එම සංඛ්‍යාවෙන් තුනෙන් එකක් පමණ දැනට මියගොස් ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.