ගාසා තීරය ළමයින් දහස් ගණනකගේ සොහොන් බිමක් බවට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.
පලස්තීන නිලධාරීන්ට අනුව පසුගිය වසරේ ඔක්තෝබර් 7වනදා සිට මේ දක්වා ඊශ්රායල ප්රහාර වලින් ළමයින් 17,400දෙනෙකු මිය ගොස් තිබෙනවා.
එනම් ගැටුම් හේතුවෙන් සෑම විනාඩි 30කටම එක් දරුවෙක් මියයනවා.
එමෙන්ම සුන්බුන් යට තවත් ළමයින් දහස් ගණනක් අතුරුදහන් ව ඇති අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් මිය ගොස් ඇතැයි අනුමාන කෙරෙනවා.
දිවි ගලවා ගත් දරුවන් ද කම්පනයට පත්ව සිටින අතර ඔවුන්ගේ පැවැත්මේ සෑම අංශයකටම දරුණු බලපෑම් එල්ල කර තිබෙනවා.
ප්රහාර වලින් මියගිය දරුවන් අතර වයස අවුරුදු එකට අඩු ළදරුවන් 710 ක් සිටිනවා.
අවුරුදු 1ත් 3ත් අතර දරුවන් 1,793 දෙනෙකු, පෙර පාසල් දරුවන් 1,205 දෙනෙකු , ප්රාථමික දරුවන් 4,205 හා උසස් පාසල් සිසුන් 3,442 දෙනෙකු සිටිනවා.