උතුරු මැද පළාතේ පවතින උග්‍ර ගුරු හිඟයට පිළීමක් ලෙස පළාත් සභා පාසල් සඳහා උපාධිධාරීන් ගුරුවරු 284 දෙනෙකු බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රධානයක් පළාත් ආණ්ඩුකාරවර වසන්ත ජිනදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකර තිබෙනවා .
එහිදී අදහස් දැක්වූ පළාත් ආණ්ඩුකාරවර වසන්ත ජිනදාස මහතා ප්‍රකාශ කර සිටියේ අවුරුදු 400 ක් පමණ යටත් විජිතයක් පැවති යුගයෙන් පසු අපේ රට පාලනය කළ පවුල් කිහිපයක් එක්ව වසර හැත්තෑ හයක් තුළ මේ රට විනාශ කර දැමු බවයි.
ගුරු වෘත්තිය යනු වැටුප් ලබන රැකියාවක් නොව ආදරය, කරුණාව හා රැකවරණය ලබා දී හොඳ පුරවැසියෙකු සමාජයට දායාද කිරීමේ වගකීම පැවරෙන සේවාවක් වන බවයි ඒ මහතා මෙහිදී පැවසුවේ .
2023 වර්ෂයේ ගුරුවරුන් බඳවා ගැනීම සඳහා පැවැත්වූ තරග විභාගයෙන් සමත් වූ 284 දෙනෙකු සඳහා මෙම පත්තිම් ලබාදීම සිදුකෙරුණු අතර ඉතිහාසය,
පුරවැසි අධ්‍යාපනය, ව්‍යාපාර හා ගිණුමිකරනය අධ්‍යයනය, තොරතුරු තාක්ෂණය, ඉංග්‍රීසි, සෞන්දර්ය යන විෂයන් සඳහා පත්වීම් ලබාදීම සිදු කර තිබෙනවා.