මාතලේ පුද්ගලික රෝහලක රසායනාගාරයක් පරීක්ෂා කිරිමේ දී කල්ඉකුත් වු උපකරණ සහ රසායන ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබෙනවා.
පාරිභෝගික අධිකාරියයි වැටලීම සිදු කළේ.
කල්ඉකුත් වු රසායන ද්‍රව්‍ය සහ උපකරණ එම අධිකාරිය භාරයට ගෙන තිබෙනවා.
රෝහලට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිතයි.
මෙවැනි ආයතන සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම් තවදුරටත් සිදු කරන බවයි පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළේ.