හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇතුලු තුන්දෙනෙකුට එරෙහි නඩුවක් සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නැති බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.
ක්‍රීඩා අමාත්‍යවරයාව සිටියදී ක්‍රීඩා අමාත්‍යාංශයේ මුදල් වැය කර කැරම් බෝඩ් හා දාම් බෝඩ් දහස බැගින් මිලදී ගෙන දේශපාලන අරමුණු වෙනුවෙන් ඒවා බෙදාදී ඇති බවට මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇතුලු තුන්දෙනෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.
ඒ රුපියල් මිලියන 39කට අධික මුදලක් අවභාවිත කළ බවටයි.
සතොස හිටපු සභාපති නලීන් ප්‍රනාන්දු, චමින්ද හර්ෂජිත් යන අය මෙහි සෙසු සැකකරුවන් වනවා.
ඔවුන් සියලුදෙනා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද පෙනී සිටියා.
කෙසේ වෙතත් නීතිපති උපදෙස් ලැබී නැති බැවින් නඩුව අප්‍රේල් 23 වනදාට කල්තැබු මහේස්ත්‍රාත්වරිය නීතිපතිවරයාට සිහිකැදවීමක් නිකුත් කරන ලෙසට ද නියෝග කළා.
ඊ ටී අයි සහ ස්වර්ණමහල් යන ආයතනවල හිටපු අධ්‍යක්ෂවරුන්ට එරෙහි නඩුව ද නීතිපති උපදෙස් සදහා ලබන 23 වනදා කැදවීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
තැන්පත්කරුවන් දහස් ගණනකගේ මුදල් වංචා කරමින් පෞද්ගලික පරිහරණයට යොදා ගත් බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ.
නාලක එදිරිසිංහ, ජීවක එදිරිසිංහ, අංජලී එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ මෙහි සැකකරුවන් වනවා.
ඊ ටී අයි සමාගම නීති විරෝධි ලෙස රුපියල් බිලියන 6000ක් ද ස්වර්ණමහල් ආයතනය විකුණන මුවාවෙන් මුදල් උපයා නීති විරෝධි ගිණුමකට රුපියල් බිලියන 7යි දශම දෙකක් ද බැරකර ගෙන ඇති බවටත් ඔවුන්ට චෝදනා එල්ල වනවා.