පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්ර මාවතේදී, පාසල් බස් රථයක ගැටී සිදුව තිබෙනවා .
රිය අනතුරකින් බරපතළ තුවාල ලැබූ එම පියා ජීවිතක්ෂයට පත්වූ බවයි අනුරාධපුර පොලිසිය පවසන්නේ.
මෙලෙස ජීවිතයක් පත්ව ඇත්තේ, අංක 21/117/බී, ඉසුරු පුර, අනුරාධපුර ලිපිනයේ පදිංචිව සිටි සම්පත් වඩුගේ නිරන්ජන් ඩේමියන් ද සිල්වා නැමති 56 හැවිරිදි සත්ව සංවර්ධන උපදේශකවරයෙක් .
මරණකරුගේ දියණිය (17 ) අනතුරින් තුවාල ලබා රෝහල්ගතව නේවාසිකව ප්රතිකාර ලබන බව පොලිසිය සඳහන් කර සිටියා .
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා .