අධික වර්ෂාවත් සමඟ තෙල්දෙණිය මැදදුම්බර මොරගහමුල ප්රදේශයේ නිවසකට මතට කඩා වැටුණු පස් කන්දකට යට වී 16 හැවිරිදි පාසල් සිසුවෙකු මියගොස් තිබෙනවා .
සිද්ධිය අද (20) අලුයම 4.30 ට පමණ සිදුව තිබෙන බවයි තෙල්දෙණිය පොලීසිය පවසන්නේ .
මියගොස් ඇත්තේ ඩබ්ලිව්.ඒ ගයාන් නැමැති සිසුවෙක් .
පස් කන්දට පහළින් වූ කාමරයක මෙම සිසුවා නිදාසිට ඇති අතර ඊට යාබදව පිහිටි කාමරයක සිටි සිසුවාගේ සීයා සහ ආච්චිද තුවාල ලබා ප්රතිකාර සඳහා මැද මහනුවර රෝහලට ඇතුළත් කර තිබෙනවා .
මහනුවර දිස්ත්රික්කයේ ප්රදේශ ගණනාවකට ඊයේ (19) දහවල් සිට අධික වැසි පතිත වී අතර මැදදුම්බර මොරගහමුල ප්රදේශයට ඇඳ වැටුණු වැසි සමඟ අදාළ නිවසට ඉහළින් වූ පස් කන්ද නාය යෑමෙන් මෙම අනතුර සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ .
පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබනවා .