ඊ ටී අයි සහ ස්වර්ණමහල් යන ආයතනවල හිටපු අධ්යක්ෂවරුන්ට එරෙහි නඩුව ද නීතිපති උපදෙස් සඳහා ලබන 23 වනදා කැඳවීමට කොටුව මහේස්ත්රාත් අධිකරණය නියම කළා.
තැන්පත්කරුවන් දහස් ගණනකගේ මුදල් වංචා කරමින් පෞද්ගලික පරිහරණයට යොදා ගත් බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ.
නාලක එදිරිසිංහ / ජීවක එදිරිසිංහ / අංජලී එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ මෙහි සැකකරුවන් වනවා.
ඊ ටී අයි සමාගම සහ ස්වර්ණමහල් ආයතනය විකුණන මුවාවෙන් මුදල් උපයා නීති විරෝධි ගිණුමකට රුපියල් බිලියන 7යි දශම දෙකක් ද බැරකර ගෙන ඇති බවටත් ඔවුන්ට චෝදනා එල්ල වනවා.