හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෛයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණියා.
සිවනේෂතුරෛයි චන්ද්‍රකාන්තන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ පාස්කු ප්‍රහාරයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාලිකාවට ඔහුගේ හිටපු ලේකම්වරයෙකු වන අසාද් මවුලානා යන අය කළ කරුණු දැක්වීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සම්බන්ධයෙන් චන්ද්‍රකාන්තන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා.
පසුගිය 12 වනදා පැමිණෙන ලෙස දන්වමිනුයි.
කෙසේ වෙතත් මේ මස 18 වනදාත් 25 වනදාත් අතර දිනයක තමන්ට පැමිණි හැකි බවයි චන්ද්‍රකාන්තන් මහතා දැනුම් දී තිබුණේ.
ඒ අනුවයි ඔහු අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටියේ.