හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ක්‍රීඩා අමාත්‍යවරයාව සිටියදී ක්‍රීඩා අමාත්‍යාංශයේ මුදල් වැය කර කැරම් බෝඩ් දහසක් සහ දාම් බෝඩ් දහසක් මිලදී ගෙන දේශපාලන අරමුණු වෙනුවෙන් ඒවා බෙදාදී ඇති බවට අදාළව මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව ලබන අප්‍රේල් 23 වනදාට කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නැති බවට රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.
මෙම මිලදී ගැනීම්වලින් පියල් මිලියන 39කට අධික මුදලක් අවභාවිත කළ බවට චෝදනා එල්ල වනවා
සතොස හිටපු සභාපති නලීන් ප්‍රනාන්දු , චමින්ද හර්ෂජිත් යන අය මෙහි සෙසු සැකකරුවන් වනවා.
ඔවුන් සියලුදෙනා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද පෙනී සිටියා.
කෙසේ වෙතත් නීතිපති උපදෙස් ලැබී නැති බැවින් නඩුව අප්‍රේල් 23 වනදාට කල්තැබු මහේස්ත්‍රාත්වරිය නීතිපතිවරයාට සිහිකැදවීමක් නිකුත් කරන ලෙසට ද නියෝග කළා.