කොල්ලුපිටිය ප්රදේශයේ පැරණි ගොඩනැගිල්ලක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මියගිය පුද්ගලයා පිරිසක් සමග පැරණි ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමේ කටයුතු සිදුකෙරෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
කොන්ත්රාත්කරු සේවකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු ක්රියාමාර්ගයක් අනුගමනය කර නොමැති බවයි විමර්ශනවලදී හෙළිව ඇත්තේ.
ඒ අනුව කොන්ත්රාත්කරුගේ නොසැලකිල්ල මත මෙම මරණය සිදුව ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වුණා.
කොල්ලුපිටිය පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන්නේ.