නෝර්වුඩ් පොලිස් වසමේ නිව්වැලි බංගලා තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට බඹර ප්රහාරයක් එල්ල වී තිබෙනවා.
බඹර ප්රහාරයෙන් පුද්ගලයන් දෙදෙනෙක් රෝහල් ගත කර බවයි පොලිසිය පවසන්නේ.
ඔවුන් 42 සහ 70 වයස්වල පසුවන නෝර්වුඩ් ප්රදේශයේ පදිංචිකරුවන්.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන නෝර්වුඩ් පොලිසිය විසින් සිදු කරනු ලබනවා.