යුක්රේනය ප්‍රථම වරට ඇමරිකාව ලබාදුන් දිගු දුර මිසයිල රුසියාවට එල්ල කර තිබෙනවා.
යුක්රේන-රුසියා යුද්ධය ආරම්භ වී මේ වනවිට දින 1,000ක්.
ඒ හේතුවෙන් යුක්රේනය ප්‍රථම වතාවට තම දේශසීමාව හරහා මිසයිල ප්‍රහාර එල්ල කර තිබුණා.
රුසියාව තුළ ඉලක්ක වෙත දිගු දුර ඇමරිකානු අවි භාවිතා කිරීමට ජනාධිපති ජෝ බයිඩෙන් පරිපාලනය අවසර ලබා දීමෙන් දින දෙකකට පසුවයි ප්‍රහාර එල්ල කෙරුණේ.
රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ යුක්රේනය එරට වේලාවෙන් අලුයම 3:25 ට බැලස්ටික් මිසයිල හයක් එල්ල කළ බවයි.
එම ප්‍රහාර පහක් ප්‍රතිප්‍රහාර තුලින් වළක්වා ගැනීමට රුසියාව සමත් වුවද එක ප්‍රහාරයක් හමුදා කඳවුරකට එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
ඉන් ගින්නක් ද හට ගැනුනා.
එහෙත් හානි පිලිබඳ මෙතෙක් වාර්තා වන්නේ නැහැ.