තණමල්විල ප්‍රදේශයේ සිදු කළ හදිසි වැටලීමකදී වියලි ගංජා සහ නීති විරෝධී මත්පැන් සමග සැකකරුවන් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොණරාගල කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් පිරිසක් විසිනුයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.
එහිදී වියලි ගංජා කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 500ක් සමග සැකකරුවෙක් සහ නීති විරෝධී මත්පැන් මිලිලීටර් පහලොස් දහසක් සමග සැකකරුවෙක් අඅත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් ගංජා වල වටිනාකම රුපියල් ලක්ෂ තුනහමාරක් පමණ වන බවයි පොලිසිය පැවසුවේ.
සැකකරුවන් දෙදෙනා තණමල්විල ප්‍රදේශයේ ම පදිංචිකරුවන් වන අතර ඔවුන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විමර්ශන සිදු කරනවා.